/
/
title icon අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක්.
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක්.
Editor
1 year ago
Share:
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක්.

මෙරට හදිසි වෛද්‍ය අව්‍යශතා සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මෙම උපකරණ තොගය පානදුර මූලික රෝහලේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පිරිනැමූ බවයි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.

රෝහල් සහ සායන සේවාවන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ එහි වනවා.

මේ අතර ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතර හමුවක් ඊයේ සිදුවුණා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිනිය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම කෙරෙහි රජය මේ වනවිට ප‍්‍රමුඛ අවධානය යොමුකර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required