/
/
title icon ආසියාවේ හොඳම ගුරු තරුව.
ආසියාවේ හොඳම ගුරු තරුව.
Editor
1 year ago
Share:
ආසියාවේ හොඳම ගුරු තරුව.

2022 වසරේ ආසියානු හොඳම ගුරුවරයා සම්මානය මෙවර හිමිවූයේ ශ්‍රී ලංකාවේ අසිත් මුතුකුමාර ජයරත්න මහතාය.

2018 වසරේ ලංකාවේ හොඳම ගුරුවරයා වූ හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්තමයෙකි. ගුරුවරයෙක් යනු සැබෑම මනුසත්කම් සපිරි පුද්ගලයෙක් බව සනාථ කිරීමට මොහු කදිම නිදසුනක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ඉගෙනුම ලත් ඔහු 2014 වසරේදී කල්පිටිය දළුව පාසලේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක් ලෙස ගුරු ජීවිතයට අත්පොත් තබා ඇත. මෙලෙස තම රැකියාවට පිවිසි ඔහු තම කාර්යය ඉතා නිවැරැදිව සිදු කර ඇත්තෙකි.

ජීවිතේ බොහෝ කටුක අත්දැකීම් මැද්දෙන් ආ ඔහු තමාගේ ගමන ආ ඔහුගේ හීනය තිබ්බේම නළුවෙක් වීමටය. රාජ්‍ය නාට්‍ය යොවුන් නාට්‍ය උළෙල ඔහුගේ ජීවිතේම වෙනස් කරන්නට සමත් විය. තිබෙන ආර්ථික අපහසුතා දහසකුත් නිසා ඔහුට ඒ නළුවෙක් වීමේ සිහිහනය පසෙකින් තබන්නට සිදු විය. දෙපයින් නැගී සිටීමට ඔහු තෝරා ගනු ලැබූවේ කෙනෙකුගේ දිවියෙන් එගොඩ කිරීමට සමත් ගුරු වෘත්තියයි.

නට්‍ය හා රංග කලාව ගුරුවරයකු ලෙස පිවිසි ඔහු
ක්‍රීඩා කරන අතර සිංහල හෝඩිය ඉගෙන ගන්න දරුවන්, මෙන්ම කුඹුරකට හා මුහුදු වෙරළකට ගොස් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නා දූ දරුවන් ගුරුහරුකම් ලබා දෙමින්, දරුවන් සමග පා පැදියේ ගමන් ගන්නා ගුරුවරයා ලෙසින් ලංකාවේ සියළු දෙනා හදුනා ගෙන තිබේ. කොවීඩ් සමය තුළ තම ජංගම දුරකතනයෙන් දරුවන්ගේ අගහිගකම් සොයා බලා ඔන්ලයින් අධ්‍යාපනයට වටිනාකමක් දීමට කටයුතු කළ ගුරු තරුව ඔහුයි.

දහසකුත් දරුවන්ට නැණ ගුණ දෙමින් වත්මන් සමාජයට ගුරු අඹරේ දිලෙන ගිරු තරුවක් ලෙසින් හෙට දිනයේත් මෙවන් දිසාපාමොක් ඇදුරුතුමන්ලා හෙට දිනේත් බිහිවේවායි අපේ ප්‍රාර්ථනය.

චලනි යාපාබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required