/
/
title icon බලාපොරොත්තු දල්වමින් එක්සත් අරාබි එමීරය පරදවමින් ශ්‍රී ලංකාව ජය ලබයි.
බලාපොරොත්තු දල්වමින් එක්සත් අරාබි එමීරය පරදවමින් ශ්‍රී ලංකාව ජය ලබයි.
Editor
1 year ago
Share:
බලාපොරොත්තු දල්වමින් එක්සත් අරාබි එමීරය පරදවමින් ශ්‍රී ලංකාව ජය ලබයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව මුහුණ දුන් මූලික වටයේ දෙවන තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් ලකුණු 79 ක ජයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම  සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ‍්‍රී ලංකාවට ආරාධනා කළා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 74 ක් ලබාගත්තේ පන්දු 60 කට මුහුණදෙමින්.

කාර්තික් මෙයියප්පන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් කඩුලූ ත‍්‍රිත්වයක් ලබාගත්තා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 152 ක් රැස් කළා.

ජයග‍්‍රාහී ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දු වාර 17 යි එක් පන්දුවකදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 73 ක් පමණයි.

එහිදී වනිදු හසරංග ලකුණු 8 කට කඩුලූ 3 ක්ද, දුෂ්මන්ත චමීර ලකුණු 15 කට කඩුලූ 3 ක් බිඳ හෙලූ අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 15 කට කඩුලූ 2 ක් දවාගත්තා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ පැතුම් නිස්සංකයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required