English English සිංහල සිංහල தமிழ் தமிழ்

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වෙයි.

Facebook
Twitter
LinkedIn

අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක සද්ධර්ම ජෝතික ධජ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත්වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ ඊයේ අපවත්වන විට 69 වන වියේ පසුවුණා.

1953 වසරේ ජනවාරි 2 වනදා මාතලේ – පල්ලේගම – දුක්ගන්නාවලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නාවලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේවරයායි.

මව දුක්ගන්නාවලව්වේ අනුලා කුමාරිහාමියි.

හත්වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වසරේදී අනුරාධපුර – රුවන්වැලි මහා චෛත්‍යයට පැමිණ එවක අටමස්ථානාධිපතිව වැඩවිසූ පූජ්‍ය ඉඳුරුව හල්මිල්ලෑව ශ‍්‍රී රේවත නාහිමියන්ගේ අනුමැතියෙන් පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ සහ පූජ්‍ය පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සසුන්ගත වුණා.

1968 වසරේදී අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියේ උඩමළුවේදී සසුන්ගත වූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් එවකට, අටමස්ථානාධිපති ධුරය දැරූ පූජ්‍ය ඉඳුරුව හල්මිල්ලෑවේ රේවත නා හිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහ සෑයේ වැඩබලන විහාරාධිපති හිමියන් වශයෙන් බොහෝ කැපවීමෙන් කටයුතු කළා.

සිරිනිවාස පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයේ පළමුවැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ පළමු රන් වැටේ ප‍්‍රථම රන් කණුව ස්ථාපිත කිරීමේ අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ඡායනා කිරීමේ පුණ්‍යවන්ත අවස්ථාව උන්වහන්සේට ලැබීමයි.

එවක ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ තේවාව සිදුකළේද සිරිනිවාස පොඩි හාමුදුරුවන් වීම විශේෂත්වයක්.

බෝ මළුව පන්සලට පැමිණීමත් සමඟම දිනපතා උදේ සවස ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ වාසනාව හිමිවූ සිරිනිවාස නාහිමියන් කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුලූවී ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගත්තේ 1984 වසරේදියි.

පසුව අභයගිරි විහාරයේ වැඩබැලීමත් උන්වහන්සේ විසින් සිදුකළා.

අනලස්ව සහ දක්ෂ ලෙස කටයුතු සම්පාදනය කළ පූජ්‍ය සිරිනිවාස නාහිමියන් කාගේත් ගෞරවයට පාත‍්‍රවූ අතර, රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරි ධුරයට උන්වහන්සේ පත්වන්නේ 1995 වසරේදියි.

එම වසරේදීම උන්වහන්සේ උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සඝනායක පදවියෙන්ද පිදුම් ලැබුවා.

එවකට අටමස්ථානාධිපති ධුරය හෙබවූ පූජ්‍ය පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු උත්තරීතර අටමස්ථානාධිපති ධුරයට ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පත්වූයේ 1997 වසරේදියි.

ශ‍්‍රී මහ බෝධීන් වහන්සේ සඳහා දෙවන රන් වැට තැනීම, එය පහළින් පිහිටි මළුව පුළුල් කර ආරක්ෂක ගේට්ටු සවිකිරීම සහ බෝමළුව වටා පිහිටි ශ‍්‍රී දළදා පෙරහර මාවත නවීකරණය කරවීම, පරිපාලන කටයුතු විධිමත් කිරීම, මහාප‍්‍රාකාර බැම්ම ප‍්‍රතිසංස්කරණය කිරීම මෙන්ම රාජ්‍ය අනුග‍්‍රහයෙන් දස දහසකට අධික පිරිසකට රැස්විය හැකි මහා ධර්ම ශාලාවක් කරවීම පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවූ ප‍්‍රධානතම ශාසනික කර්තව්‍යයන් වනවා.

බෝමළුව පන්සලේ අභිනව සංඝාවාසය දැකුම්කළු අයුරින් තැනවීම, බෝධීන් වහන්සේ සඳහා අළුතින් රන් ආධාරක කණු සිටුවීම, බෝධීන් වහන්සේ වැඩසිටින පුණ්‍යභූමිය ඉදිරිපස සහ ඒ අවට භූමි භාගයේ තිබූ ඉදිකිරීම් ඉවත් කර එම භූමි භාගය ඉතා අලංකාරවත් අයුරින් සකස් කිරීම පූජ්‍ය සිරිනිවාස නාහිමියන් අතින් සිදුවූ තවත් පින්බර කටයුතුයි.

උන්වහන්සේගේ ශ‍්‍රී දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට අද පස්වරුව වනවිට අනුරාධපුර – ශ‍්‍රී මහා බෝධි විහාරයට රැගෙන යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000