/
/
title icon ඩුබායි – ඕමාන් විසිට් වීසා ජාවාරම ගැන පරීක්ෂණ ඇරඹේ.
ඩුබායි – ඕමාන් විසිට් වීසා ජාවාරම ගැන පරීක්ෂණ ඇරඹේ.
Editor
1 year ago
Share:
ඩුබායි – ඕමාන් විසිට් වීසා ජාවාරම ගැන පරීක්ෂණ ඇරඹේ.

ඩුබායි සහ ඕමාන රාජ්‍යවලට සංචාරක වීසා මත පුද්ගලයින් රැගෙන ගොස් අතරමං කරන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

රාජ්‍ය සේවකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී ඔවුන්ට පුහුණු වැඩසටහන්වලට අවස්ථාව සළසා දීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් හයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන, නොතාරිස් සංශෝධන, ඇටෝර්නි බලපත‍්‍ර සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන, අන්තිම කැමති පත‍්‍ර සංශෝධන සහ වංචා වැළැක්වීමේ සංශෝධන යන පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required