/
/
title icon කෝටි 13 ක මත්ද්‍රව්‍ය සමඟ සුරිනාම් තරුණියක් අල්ලයි.
කෝටි 13 ක මත්ද්‍රව්‍ය සමඟ සුරිනාම් තරුණියක් අල්ලයි.
Editor
1 year ago
Share:
කෝටි 13 ක මත්ද්‍රව්‍ය සමඟ සුරිනාම් තරුණියක් අල්ලයි.

රුපියල් කෝටි 13 ක වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට දිවයිනට පැමිණි 26 හැවිරිදි සුරිනාම් ජාතික මෙම තරුණියගේ හැසිරීම් සම්බන්ධයෙන් සැක සිතී ඇයව විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහිදී ඇයගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස අසුරා තිබූ ආහාර වශයෙන් සඳහන් කළ ටින් පහක් තුළ මෙම කොකේන් තිබියදී සොයාගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වුණා.

සොයාගන්නා ලද කොකේන් තොගයේ බර කිලෝ දෙකයි ග‍්‍රෑම් 553 ක් වන අතර, ඇය ඊයේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 24 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required