 
                            පැරණි කවීන්ට අනුව ස්ත්‍රිය යනු ඉතා අලංකාර, සුකුමාල, ලද බොලද තැනැත්තියකි. ඇය කොතරම් ලාලිත්යෙන් අග තැන්පත්ද යන්න පහත කව කදිම නිදසුනකි.
“සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසරතන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවගන”
කාන්තාවගේ රුපශ්‍රීය මෙතරම් වර්ණනා කරන අතීත මානවයා ඇතැම් අවස්තාවල ස්ත්‍රිය මායාකාරියකට සමාන කරයි. කාන්තාවකට තමන් සතු අනේකවිද මායම් උපයෝගී කර ගනිමින් පිරිමින් වසංග කර ගැනීමේ හැකියාවක් පවතින බව පැරැන්නන්ගේ මතයි. මෙකී අදහස් ශ්‍රවණය වීමේදී අපට ඇතිවන ප්‍රධාන ගැටලුවක් තමයි, ඇත්තටම ස්ත්‍රිය මායාකාරියක්ද ? මොනවද ඇයට තියන මායම්?
” මායම් ” ඈත අතීතයේ ස්ත්‍රිය හා ඉතා සමීපයෙන් බැදි පැවති වචනයක් විදිහට මේ මායම් කියන වචනය අපට හදුන්වන්න පුලුවන්. පැරැන්නන්ට අනුව ඉතා ඉක්මනින් පුරුෂයකු වසග කර ගැනීමට අවශ්‍ය මායම් 64 ක් ස්ත්‍රිය සතුව පවතිනවා. එකී 64 මායම් නම්,
1.නෙතඟින් බැලීම
2. ඇස් කරකැවීම/ ඇස් නැටවීම
3. ඇස් පියවීම.
4. ඇස් නෙරා බැලීම.
5. ඇස් සම්පූර්ණයෙන් වැසීම.
6.ඇස් අඩක් වැසීම.
7. වරින් වර බැලීම.
8. වෙනතක් බලා සිටීම.
9.යමක් සිඹීම.
10. නාසය අකුලා ගැනීම
11. සුසුම් ලෑම.
12. තොල පිට පෙරළා සිනාසීම.
13. කට කොනට නගා සිනා සීම.
14. කොක්හඬලා සිනාසීම
15. තොලින් තොල හැපීම
16. රෙද්ද ලිහා නැවත ඇඳීම.
17. දිව දික් කිරීම.
18. දිව විකා පෙන්වීම.
19. දිව නැටවීම
20. කෑරීම.
21. බොරු කැස්ස.
22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.
23. හුරු අත වැනීම.
24. හේතුවක් නැතුව බඩ අත ගෑම
25. හේතුවක් නැතුව අත් කැසීම
26.හේතුවක් නැතුව පය කැසීම
27. දොරකඩ රැක සිටීම
28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.
29. දෙපා බරකර යැම.
30. පයින් ඉරි ඇඳීම
31. පයින් පය ගැටීම
32. අවයව පෙනෙන ලෙස සිටීම.
33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.
34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.
35. හේතුවක් නොමැතිව අවේලාවේ නිදා ගැනීම.
36 . ලයෙහි අත තැබීම.
37. කතා නොකර සිටීම.
38. දෙපා විහිදාගෙන සිටීම.
39. උඩ බලාගෙන සිටීම.
40. කර බාගෙන සිටීම.
41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.
42. බොළඳ ලෙස කථා කිරීම.
43. ඉඟටිය නැටවීම.
44. මදක් නැමී බැලීම.
45. උරහිස නැටවීම.
46 පියයුරු තද කර ඇඳීම.
47. පයෝධර නැටවීම.
48. දුවගොස් ගෙට වැදීම.
49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.
50. බොරුවට ඈනුම් ඇරීම.
51. කොණ්ඩය ලිහාගෙන යෑම.
52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස් වැටිය අතරින් බැලීම.)
53. වස්ත්‍රයේ කොනක් අල්ලාගෙන යැම.
54. ශබ්ද කොට කතා කිරීම.
55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.
56. කෝප වූවකු මෙන් කතා කිරීම.
57. බුලත් කෑමේ ගිජු බවක් දැක්වීම.
58. කවට වචන කතා කිරීම.
59. පිරිමින්ගේ අගුණ කීම.
60. බොරු නෑකම් කීම.
61. ස්ත්රීන්ගේ අගුණ කීම.
62. බොරු ක්ලාන්ත ගතියක් දැක්වීම.
63. විසිතුරු දෙයක් දෙස බලා වඩා කුහුලක් දැක්වීම.
64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.
ආදීය පෙන්වාදිය හැකියි. කාන්තාව හා සම්බන්ද කරමින් මෙකී හැට හතර මායම් නිර්මාණ විමේ මුලික්ම සාධකය ලෙස ඈත අතීතයේ සිට පුරුෂයන් හට ස්ත්‍රිය තේරුම් ගැනීමට නොහැකිවීම නිසා හටගනු ලබන අනවබෝධය, කුතුහලය වැනි සාධක මත ඇතිවන කලකිරිම මත ඇය කවුරුන්ද යන්න සොයා බැලිමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූවක් යන්න මාගේ අදහසයි. ස්ත්රීන්ට පමණක් නොව පිරිමින් හටද මායම් පවතින බව පැරැන්නන්ගේ මතයයි.
ඒ කෙසේ වෙතත් යම් ආකාරයකින් මායම් යනු ඉත සාර්ථක සන්නිවේදන ක්‍රමයක් වශයෙන් හදුන්වන්නට පුලුවන්. මෙකී හැට හතර මායම් යෞවන වයසේ සිතට නැගෙන ආදර, හැගීමක් බවට පරිවර්තනය කර එය සන්නිවේදනය කිරිමේ හොදම මාර්ගකි.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                