English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොයි තරම් අලංකාර කළත් නිවස අදුරුයිද?

Facebook
Twitter
LinkedIn

කාන්තාවකගේ ප්‍රධානම රාජකාරියක් තමයි නිවස ලස්සනට පිරිසිදුවට තබා ගැනීම. ඇය ඒ තුළින් මානසික වශයෙන්ද බොහෝ ලෙස තෘප්තිමත් වේ. කාන්තාවක් බොහෝ විට තමන් පිලිවෙලට පිරිසුදුවට සිටිනවා සේම තමා අවට පරිසරයද නිරන්තරයෙන්ම පිරිසිදුවට තබා ගැනීමට උත්සාහ කරයි.

නිවස තුළද නිවස පිරිසිදු කිරීමේ සිට අලංකරණ කටයුතු දක්වා සියලු කාර්‍යන් සිදු වන්නේ ඇයගේ කැමැත්තට අනුවයි. ඇතැම් විට ඔබගේ නිවස නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීනට ඔබ කටයුතු කරනවා විය හැක. එමෙන්ම නිවස අලංකාරව තබා ගැනීමටත් ඔබ බොහෝ සේ වෙහෙස වේ. විවිධ උපක්‍රම යොදනු ඇත.

නමුත් කොයි තරම් පිරිසිදු කළත් අලංකාර කළත් නිවසේ අදුරු සොබාවය නිසා නිවස ඔබට ප්‍රිය තැනක් නොවනු ඇත . නිවස තුළ ප්‍රබෝධමත් බවක් දක්නට නොලැබේ .නිවස අලංකාවරව මනා ආලෝකයකින් යුතුව තබා ගැනීමට ඔබ නොසිතන කරුණු ඇතැම් විට හේතු වේ.

හැකි සෑම විටම නිවසේ දොර ජනෙල් විවෘත කර තැබීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් අගනේය. විදුලි බල්බ මගින් ලැබෙන ආලෝකයට වඩා ස්වාභාවික ආලෝකයක් ලැබේ. නිවසේ අදුරු සොබාවය නැති කිරීමට එය මහත් පිටුවහලක් වේ.එමෙන්ම ස්වාභාවික වාතාශ්‍රය නිවස තුළට ලැබීම නිවැසියන්ගේ කායික මානසික සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කිරීමටද එක් හේතුවක් වේ.

තවද නිරන්තරයෙන්ම නිවසේ ගෘහ භාණ්ඩ අසුරන පිළිවෙල මාරු කළ යුතුය. මුළුතැන්ගෙය , නිදන කාමර, විසිත්ත කාමරය ආදී සියලු ස්ථාන වල ගෘහ භාණ්ඩ ස්ථානගත කර ඇති ආකාරය මාස කිහිපයකට වරක් හෝ වෙනස් කළ යුතුය. එකම සොබාවයෙන් නිවස දකින විට එය නිවැසියන්ටම අදුරු සොබාවයෙන් දිස් වීම අරුමයක් නොවේ.

එමෙන්ම ඔබ ඔබේ නිවසේ බිත්ති වල ආලේප කරන තීන්ත වර්ණයද නිවසේ අදුරු බව හෝ ආලෝකය ඇති කිරීමට දායක වේ. බිත්ති වලට යොදන තීන්ත තෝරා ගැනීමේදී එහි වර්ණය පිළිබදව වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව අවබෝධ වේ. ඒ අනුව නිල්, කොළ, දම් , රෝස, සුදු ආදී අපගේ ඇසට වඩාත් ප්‍රිය වන වර්ණ භාවිතා කිරීමත් නිවසේ අදුරු බද මග හැර ආලෝකමත් කිරීමට එක් හේතුවක් වේ.

මේ සියලුම කාරණා වලට අමතරව නිවස හා ඒ අවට තිබෙන පිරිසිදු බව ගැනත් සැලකිලිමත් වීම වැදගත් ය. විශේෂයෙන්ම නිවස අවට තිබෙන විශාල ගස් නිසා නිවස අදුරු සොබාවයෙන් දිස් වීමට පුළුවනි. විශාල ගස් නිසා ආලෝකය නොලැබෙනු ඇත. එම නිසා එම ගස් වල අතු කපා නිවසට ස්වාභාවික ආලෝකය ලැබෙන ලෙස සකස් කිරීමත් නිවස ප්‍රසන්න ලෙස තබා ගැනීමේ තවත් පියවරකි.

මෙයාකාරයට පිරිසිදුවට පිළිවෙලට අලංකාරව නිවස තබා ගැනීම හරහා නිවැසියන්ගේද කායික මානසික සුවය වර්ධනය වේ.

දිල්කි රත්නායක –


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000