/
/
title icon සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකරයි.
සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකරයි.
Editor
1 year ago
Share:
සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකරයි.

ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව මිල සංශෝධනය අද (19) දින සිට ක්‍රියාත්මක වේ.

මිල අඩු කරන ලද භාණ්ඩ වන්නේ,

සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇත. නව මිල වන්නේ රුපියල් 490කි.

පාන්පිටි කිලෝ එකක මිල රුපියල් 55කින් අඩුකර ඇත. නව මිල වන්නේ රුපියල් 320කි.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩුකර ඇත. නව මිල වන්නේ රුපියල් 1450කි.

කඩල පරිප්පු කිලෝ එකක මිල රුපියල් 30කින් අඩුකර ඇත. නව මිල වන්නේ රුපියල් 285කි.

සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 15කින් අඩුකර ඇත. නව මිල වන්නේ රුපියල් 260කි.

ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩුකර ඇත. නව මිල වන්නේ රුපියල් 169කි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required