English English සිංහල සිංහල தமிழ் தமிழ்

තිලිණිගේ ගිණුමකට මාස හයකදී රුපියල් මාලියන 3000ක්.

Facebook
Twitter
LinkedIn

බරපතල මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින තිළිණි ප‍්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් ශිලනි පෙරේරා හමුවේ ඊයේ කැඳවු අවස්ථාවේදියි. එහිදි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර ඔවුන් නඩුවට සම්බන්ධ කර ගැනුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන්ට එරෙහිව සිදු කළ විමර්ශන වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරමින් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සෝදිසි වරෙන්තු මත සැකකාර තිළිණි ප‍්‍රියමාලිට අයත් වත්තල පිහිටි නිවසක්, කිරුළපන පිහිටි නිවාස සංකීරණයක 12 වැනි මහලේ නිවසක් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ චැතම් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ව්‍යාපාර ස්ථාන දෙකක් පරීක්ෂාවට ලක් කළ බවයි.

එම විමර්ශනවලට අදාළ ලේඛන හා ඩිජිටල් උපාංග ද සිය භාරයට ගත් බවත් සැකකාරියගේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාර කාර්යාලයේ පරිගනක වල තිබූ දෘඩාංග 5ක් අස්ථානගතව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

එමෙන්ම සැකකාරියට අයත් ව්‍යාපාර සමූහයේ ආයතන 7ක සේවකයින්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

තිකෝ සමූහ ව්‍යාපාරය කිසිඳු ආදායමක් නොලබන ව්‍යාපාරයක් බවත් එහි විදුලිය, කාර්යාල වියදම් ආදී ගාස්තුව රුපියල් ලක්ෂ 41ක් වන බැවින් මේ වසරේ මාර්තු මාසයේ සිට ප‍්‍රවර්ධන සහ සංදර්ශන ආදිය පැවැත්විමට මුදල් ලැබුණු අකාරය ප‍්‍රශ්න සහගත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම සැකකාරියගේ දුරකථන පරීක්ෂාවේදී ඇය ප‍්‍රසිද්ධ පුද්ගලයින්ගෙන්, දේශපාලනඥයින්ගෙන්, මුදල් ලබාගත් බවට තොරතුරු හෙළි වි ඇති බැවින් මුදල් වංචාකාරීව ලබාගත් ආකාරය පිලිබඳව කෙටි පණිවුඩ හා හඩපට මගින් කරුණු හෙළි වු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අනාවරණයක් සිදුකරමින් සඳහන් කළේ, රිමාන්ඞ් භාරයේදී, සැකකාරිය සතුව තිබූ ජංගම දුරකථන තුනක් අවස්ථා දෙකකදී සොයාගත් බවයි.

අදාළ දුරකථන පිළිබඳ විමර්ශනයේදී, දුරකථන අංක 11කට ඇමතුම් 22ක් සැකකාරිය බන්ධනාගාරයේ සිට ලබාගෙන ඇති බවත් එම ඇමතුම් ලද පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගත් බව ද අධිකරණයට දැනුම් දුන්නා.

එක් පුද්ගලයෙකුට ඇමතුම් 4ක් ගෙන ඇති අතර, සැකකාර තිළිණි ප‍්‍රියමාලි ඔහුට පවසා ඇත්තේ ඇප ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 300ක් තමන්ට ලබාදෙන ලෙසයි.

මීට අමතරව, සැකකාරියට අයත් බැංකු ගිණුමක මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ තැන්පත් කර තිබු රුපියල් මිලියන 3000ක් නැවත ලබාගෙන ඇති බවත්, අදාළ සම්පූර්ණ මුදලම මේ වනවිට වියදම් කර ඇති බව හෙළි වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.

සැකකාරියට විරුද්ධව මේ වනවිටත් නඩු 7ක් මහේස්ත‍්‍රාත් සහ මහාධිකරණවල විභාග වෙමින් පවතින බැවින් තවදුරටත් ඇයගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය නිසා රිමාන්ඩ් නියෝගය දීර්ඝ කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී සැකකාර තිළිණි ප‍්‍රියමාලි වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මණ්ඩලය කරුණු දැක්වීමක් සිදුකළා.

එහිදි ඔවුන් සඳහන් කළේ සිය සේවාදායිකාව සතුව මිලියන 225ක මුදලක් ආයෝජනය කළ සියලූ දෙනා ඒ පිළිබඳව සොයා බලා මුදල් තැන්පත් කර ඇති බවයි.

එවැනි පුද්ගලයින් සිය සේවාදායකයා සතුව මුදල් ආයෝජනය කරන්නේ ආදායම් බදු ගෙවිම් , සිදු කළේද නැද්ද යන්න පිළිබඳව පොලිසිය සොයා බැලිය යුතු බවයි එම නිතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ.

එසේම , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්නේ පළක් නොමැති කරුණු බැවින් සිය සේවාදායිකාවට ඇප ලබා දෙන ලෙසට ද ඔවුන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළේ, සංකීර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බැවින් සාක්ෂිකරුවන්ට හා විමර්ශකයින්ට බාධා විය හැකි නිසා ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව තිළිණි ප‍්‍රියමාලි නොවැම්බර් දෙවැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

අනතුරුව සැකකාර ඉසුරු බණ්ඩාර ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කළ අතර ඔහු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කළ තොරතුරු පිළිබඳව තවදුරටත් විමර්ශන ක‍්‍රියාත්මක බැවින් ඇප ලබා නොදෙන ලෙසයි විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේ.

සැකකාර ඉසුරු බණ්ඩාරද ඒ අනුව නොවැම්බර් දෙවැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් ශිලනි පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මෙම සිද්ධියේදී තවත් නම් කිහිපයක් සඳහන් වන බැවින් ඒ පිළිබඳව ද විමර්ශන සිදු කරන ලෙසයි.

මෙම නඩු දෙක ද සමගින් තිළිණි ප‍්‍රියමාලිට හා ඉසුරු බණ්ඩාරට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නඩු 5ක් විභාග කිරීම ඊයේ ඇරඹුණු අතර , එම නඩු සියල්ල යළි කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000