/
/
title icon විසිදෙක අද සහ හෙට විවාදයට.
විසිදෙක අද සහ හෙට විවාදයට.
Editor
1 year ago
Share:
විසිදෙක අද සහ හෙට විවාදයට.

22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා.

ඊට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම පොදුජන පෙරමුණේ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්ව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලය දුර්වල කරන 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරෝධය පළ කරන බවයි.

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සංශෝධනයට ලක්විය යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සුදුසු බවයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළේ තමන් මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සමඟ සාකච්ඡුා කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම, කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් හයක් ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required