English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්ධන ටැංකි රථයකට ජලය මිශ්‍රවීම ගැන පරීක්ෂණ.

Facebook
Twitter
LinkedIn

කොළඹ ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප‍්‍රමාණයක් මිශ‍්‍ර වී තිබීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පරීක්ෂණයක් සිදු කරන ලෙස සංස්ථා පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර එහි විමර්ශන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවයි.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව වෙත කිසිදු අයුරකින් ජලය මිශ‍්‍රිත ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති අතර නිසි ප‍්‍රමිතියෙන් යුතු ඉන්ධන සැමවිටම ලබා දීමට සංස්ථාව කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, ශ‍්‍රී ලංකාවට තෙල් මිල දී ගැනීමට රුසියාවෙන් දීර්ඝ කාලීන ණය පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මොස්කව්හි පිහිටි තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළේ, ඒ සඳහා වාණිජ ණය පහසුකමක් ලබාදීමට රුසියාව එකඟ වූ බවයි.

රුසියානු සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කලක සිට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, රට ආර්ථික දුෂ්කරතාවකට පත්ව ඇති අවස්ථාවක එම සාකච්ඡුා යළි ඵලදායී ලෙසින් නැවුම් මුහුණුවරකින් ඉදිරියට පවත්වාගෙන යන බවයි.

රුසියානු සමූහාණ්ඩුව වෙනුවෙන් එරට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සහ ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා මෙම සාකච්ඡා සඳහා එක්වූ බවයි ඊට සහභාගි වූ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ ප‍්‍රකාශ කළේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වන මුදලට වඩා ඩොලර් 11 ත් 22ත් අතර ප‍්‍රමාණයක වට්ටමක් සහිතව ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා දිය හැකි බවද මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, එම ණය මුදලේ ප‍්‍රමාණය මෙතෙක් තීරණය කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000