/
/
title icon පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය මහාවිහාර ආදාහන මළුවේදී.
පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය මහාවිහාර ආදාහන මළුවේදී.
Editor
1 year ago
Share:
පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ  ආදාහන පූජෝත්සවය මහාවිහාර ආදාහන මළුවේදී.

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති, ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා පස්වරු 2.30 ට මහාවිහාර ආදාහන මළුවේදී සිදුකිරීමට නියමිතයි.

උන්වහන්සේගේ දේහය මේ වනවිට අනුරාධපුර ශ‍්‍රී මහා බෝධි මහා විහාරයේ තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඊයේ උපදෙස් ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය නොපිළිගැනීමට තීරණය කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required