/
/
title icon පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද.
පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද.
Editor
1 year ago
Share:
පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද.

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ පසුගිය දා අපවත්වන විට 69 වන වියේ පසුවුණා.

1953 වසරේ ජනවාරි 2 වනදා මාතලේ – පල්ලේගම – දුක්ගන්නාවලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නාවලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේවරයායි. මව දුක්ගන්නාවලව්වේ අනුලා කුමාරිහාමියි.

හත්වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 වසරේදී අනුරාධපුර – රුවන්වැලි මහා චෛත්‍යයට පැමිණ එවක අටමස්ථානාධිපතිව වැඩවිසූ පූජ්‍ය ඉඳුරුව හල්මිල්ලෑව ශ‍්‍රී රේවත නාහිමියන්ගේ අනුමැතියෙන් පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ සහ පූජ්‍ය පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සසුන්ගත වුණා.

1968 වසරේදී අනුරාධපුර ශ‍්‍රීමහා බෝධියේ උඩමළුවේදී සසුන්ගත වූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් එවකට, අටමස්ථානාධිපති ධුරය දැරූ පූජ්‍ය ඉඳුරුව හල්මිල්ලෑවේ රේවත නා හිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහ සෑයේ වැඩබලන විහාරාධිපති හිමියන් වශයෙන් බොහෝ කැපවීමෙන් කටයුතු කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required