English English සිංහල සිංහල தமிழ் தமிழ்

බාධක හමුවේ ලොවක් ජය ගත් ජැක් මා.

Facebook
Twitter
LinkedIn

”අද දුෂ්කර වනු ඇත, හෙට එය වඩාත් නරක අතට පත් විය හැක. නමුත් නුදුරේ දිනක නැවත හිරු පායනු ඇත. ඒ නිසා කිසිදිනක බලාපොරොත්තු අතහැර දමන්න එපා.” මෙසේ පවසන්නේ ලෝකයේම ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් සහ චීනයේ ඉන්ටර්නෙට් කර්මාන්තයේ ඉහළින්ම සිටින පුද්ගලයා වන ජැක් මා ය. ජැක් මා යනු සැවොම දන්නා AlibabaE-commerce හි නිර්මාතවරයා ය. එසේම ජැක් මා යනු චීනයේ ඉහළම ධනපතියන් සහ ව්‍යාපාරිකයන් පස් දෙනා අතර සිටින පුද්ගලයෙකි.

ඉහත ඔහු පැවසූ කතාව ඇත්තක් වන්නේ අද වන විට ඔහුගේ වත්කම්වල ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 33.8 ක් වෙමිනි. එයට හේතුව ජැක්-මා විසින් ඔහුගේ මිතුරන් 18 දෙනකු සමඟ ආරම්භ කරන ලද e-commerce සේවයක් e-commerce startup නිසාය. එය නම් කරන්නේ Alibaba ලෙස ය.

මෙය ආරම්භ වෙන්නේ ජැක් ජීවත් වූ කුඩා කුලී නිවසෙකය. එහෙත් උනන්දුව, මහන්සි වී වැඩ කිරීම ආදියෙහි ප‍්‍රථිපලයක් ලෙස 1999 වසර වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ආයෝජනයක් Alibaba සමාගමට ලැබෙයි. මෙය කියන තරම් සුන්දර කතාවක් නොවන බව ජැක් මා ගේ කතාව ඇසූ පසු වැටහේ.

1964 උපන් චීන ජාතික මා යුන් හෙවත් ජැක් මා කුඩා කල සිටම බොහොම දඩබ්බර, දඟකාර, චරිතයකි. ප්‍රාථමික පාසලේ දී දෙවරක් අසමත් වූ ජැක් උසස් පාසල් පරීක්ෂණයෙන් ද තෙවරක් අසමත් වේ. එසේම විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය ද දෙවරක් අසමත් වූ මොහු තම සටන අත් නොහරින ලදි. කෙසේ හෝ තම උත්සාහයෙන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ගෞරව උපාධියක් හිමිකර ගැනීමට සමත් විය.

ජැක් පොලිසියට බැඳෙන්න අයදුම් කරනු ලබන්නේ බලාපොරොත්තු රැසක් සමඟයි. නමුත් ඔහුත් සමග සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු සියළු දෙනා සමත් වුව ද ජැක් පමණක් එයින් අසමත් වෙයි. ඉන්පසු KFC හි කළමනාකාර ධූරයට ඉල්ලුම් කරයි. එහි ඉතිරි 23 දෙනාගේම අයදුම් පත්‍ර තෝරගත්තා ද ජැක්ගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වන්නේ සරදමක් ලෙසටය.

ඉන්පසු ඔහු කාලයක් විදෙස් සංචාරකයන්ට මඟ පෙන්වන්නෙක් ලෙස කටයුතු කරයි. එයින් තම ඉංග්‍රීසි දැනුමත් බටහිර ලෝකය ගැන දැනුමත් පුළුල් කර ගැනීමට ජැක් සමත් වෙයි. කෙසේ හෝ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව දේශීය විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි විෂය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස ජැක් කටයුතු කරයි. ජැක් අන්තර්ජාලය ගැන දැන හැඳින ගනු ලබන්නේ 1995දී පරිවර්තකයෙකු ලෙස ඇමරිකාවට ගිය ගමනේදීය. අන්තර්ජාලයට, බිලියන ගණනක ජනගහණයක් සිටියත් චීනයේ දායකත්වයක් නොමැති බව ජැක් දැනගන්නේ කණගාටුවෙනි. ඉන්පසුව ඔහු මිතුරන් සමඟ එකතු වී “Chinapage” නමින් චීනය සහ චීන නිශ්පාදන ගැන සඳහන් වෙන වෙබ් පිටුවක් ආරම්භ කරයි. එයින් නොනැවතී ජැක් තම ඉලක්කය සපුරා ගැනීමට සමත් වේ.

ඒ 1999 දී ජැක්, ඔහුත් ඔහුගේ බිරියත් ඇතුළුව 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග එකතු වී චීනයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ ජනගත කිරීමේ මීළඟ ප්‍රයත්නය ලෙස Alibaba සමාගම ආරම්භ කරමින් ය. 2003 දී ජැක් සහ පිරිස “Taobao.com” නමින් අන්තර්ජාල වෙන්දේසි සේවාවක් ආරම්භ කරන අතර මීට සමගාමීව Tmall සහ AliExpress යන අතිරේක සේවාවන්ද අරඹයි. ව්‍යාපාරයකදී පාරිභෝගිකයන් ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය යුතු බවත් සේවකයන් හා කොටස්කරුවන් පිළිබඳව ඉන්පසුව අවධානය යොමු කළ යුතු බවත් පවසන ජැක් මෙහිදී අවංක බව, විශ්වසනීයත්වය සහ විනිවිදභාවය යන කාරණා අත්‍යාවශ්‍ය ගුණාංග ලෙස දක්වන්නේ ඔහුගේ ගමනෙහි දුෂ්කරත්වය පෙන්වමින් ය.

භාග්‍යා බණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000