English English සිංහල සිංහල தமிழ் தமிழ்

හිනාවකින් හිනාවක් අරන් එමුද…?

Facebook
Twitter
LinkedIn

අපි අද පොඩි, ඒත් ලස්සන දෙයක් ගැන කතා කරමු!

හිනාව!

ගොඩක් අයට මතක හිටින දෙයක් තමයි තව කෙනෙක්ගෙ හිනාව .

අම්මෝ එයාගෙ හිනාව !

ඒ තමයි මම ආසම හිනාව!

එකී ,මෙකී ,නොකී , කතා ගොඩයි . හැබැයි හිනාවක් කියන්නේ කෙනෙක්ට ඉනාවක් වෙනකොට තවත් කෙනෙක්ට වේදනාවක් ගේන දර්ශනයක් වෙන්නත් පුලුවන්. මොකද ආසාවෙන් තමන්ගෙ කරගන්න බලන් හිටිය හිනාවක් වෙන කෙනෙක්ගෙ උනාම එතන ඒ හිනාව ගේන්නෙම වේදනාවක්!

කොහොම උනත් හිනාව ඇතුළෙ අපි නොදන්න අපි නොහිතන කතන්දර ගොඩක් තියෙනවා. ඔයාට, මට, එයාට වෙන වෙනම ගත්තම තියෙන හිනාව එකිනෙකට වෙනස්! ඒ වෙනස මත තමයි ලෝකයේ ගොඩක් කතන්දර නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට එක එක විදිහට හිනා වෙන්නත් පුලුවන්! ආදරෙන්,දුකෙන්,කේන්තියෙන්,කපටිකමෙන් මේ ඕනම ක්‍රමයකට හිනාව භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම තව කෙනෙක් එක්ක හිනා නොවී ඒ කෙනාට හිනා වෙන්නත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. මේ හැම දේම අස්සෙ හිනාව කියන්නෙ ලෝකෙ ගොඩක් හදවත් සුවපත් කරන ඔසුවක් කියන තැන ඉදලා අපි පොඩ්ඩක් කතා කරමු!

ඒක මෙහෙම පටන් ගන්න පුලුවන්…

“අපෝ ඔයාගෙ හිනාව”

“හැමෝමත් එක්ක හිනා වෙන්න එපා”

“ගාණට හිනාවෙන්න”

මේ වගේ අදහස් මට හැමදාම අහලා පුරුදු අදහස්. මට නම් ගානට, පොඩ්ඩක් කියලා නැහැ.හිනාව හිනාවම තමයි. හැමෝටම එක වගේ එක විදිහට හිනාවෙන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. අනෙක හිනාව එහෙම අඩුවැඩි කරන්න පුළුවන්ද? පාසලේ විදුහපතිතුමා එක්ක හිනාවෙන එකයි, පාර අතුගාන මාමා කෙනෙක් එක්ක හිනාවෙන එකයි අතර වෙනසක් තියාගන්නේ කොහොමද? රාජකාරී මට්ටමෙන් දෙන්න තැන් දෙකක හිටියට දෙන්නම කරන්නේ සේවයක්. දෙන්නටම දෙන හිනාව වෙනස් වෙනවා කියන්නේ මම හිනාවෙන්නේ අදාළ පුද්ගලය එක්ක නෙමෙයි. ඔහුගේ හෝ ඇයගේ නිලයත් එක්ක කියන එක නෙමේ ද? ඒක ප්‍රශ්නාර්ථයක් හිතට නංවන ගමන් ම මොකක්ද මේ කරන ප්‍රෝඩාව කියලා හිතවන දෙයක්!

අන්න ඒ හැඟීමත් එක්ක ලෝකේ ඕනම කෙනෙක්ට ඔසුවක් වෙන්න හිනාවකට පුලුවන් කියන එක මම පැහැදිලිවම විශ්වාස කරනවා.

අපිට පුලුවන්නම් පැත්තකට වෙලා ඔහේ බලා ඉන්න,ඔයාවත් මමවත් අඳුනන්නේ නැති මනුස්සයෙක් එක්ක හිනාවෙන්න? ඒ මොහොත වෙනකොට ඒ හිත බිඳිලා මානසික පීඩනේක එරිලා ඉන්න වෙලාවක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් ලොකු ප්‍රශ්නයක් එක්ක තමන්ට කවුරුත් නෑ නේද කියලා හිතන වෙලාවක් වෙන්න පුලුවන් . මුදලක් නැතුව නොමිලේ දෙන්න පුලුවන් හිනාවකින් ඒ වගේ මොහොතක ඒ මනුස්සයගෙ හිතට සැනසිල්ලක් ගේන්න පුලුවන්නම් ඒක අපටත් සැනසීමක් නෙමේද? මේ හිනාවෙන් හිනාවක් ගේන්න පුලුවන් එක අවස්ථාවක් විතරයි .

හිතමු,
නොමිලේ දෙන්න පුලුවන් හිනාව තව කෙනෙක්ගෙ ජීවිතේ සතුටක් ගේන්න පාවිච්චි කරමු ! ඔයාට මට ආදරෙන් ඉන්න පුලුවන් ලෝකෙකට ඒ හිනාව අපිව අරන් යාවි… අන්න එදාට මේ ලෝකය ලස්සන ආදරණීය තැනක් වේවි!

එන්න!
ලස්සනට හිනා වෙන්න!
හැමෝටම හිනාවක් දෙන්න !

සඳුනි දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000