/
/
title icon පෙරහැරේ ගිනිබෝල කරකැවීමට ගිය සිසුවා විදුලි සැර වැදී මරුට.
පෙරහැරේ ගිනිබෝල කරකැවීමට ගිය සිසුවා විදුලි සැර වැදී මරුට.
Editor
1 year ago
Share:
පෙරහැරේ ගිනිබෝල කරකැවීමට ගිය සිසුවා විදුලි සැර වැදී මරුට.

කළුතර – දොඩංගොඩ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක් අතරතුරදී පාසල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ දොඩංගොඩ – හර්මන් වත්ත ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු අද අළුයම මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

මිය ගිය සිසුවා පෙරහැරේ ගිනිබෝල කරකවමින් සිටි අවස්ථාවේ එහි යකඩ වළල්ල අසල තිබූ විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිසුවාගේ දේහය මේ වනවිට කළුතර මහ රෝහලේ තැම්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required