/
/
title icon වසන්ත සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අන්තරේ රේල්ලුවෙන් තංගල්ලට.
වසන්ත සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අන්තරේ රේල්ලුවෙන් තංගල්ලට.
Editor
1 year ago
Share:
වසන්ත සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අන්තරේ රේල්ලුවෙන් තංගල්ලට.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් අරගලකරුවන් පිරිසක් අද බෙලිඅත්ත නගරයේ විරෝධතාවක නිරත වුණා.

විරෝධතාවයේ නිරත වීම සඳහා ඔවුන් කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැගී පිටත්ව ගිය අතර ඊට තවත් දුම්රිය ස්ථාන කිහිපයක දී විරෝධතාකරුවන් එක් වූ බවයි වාර්තා වන්නේ.

යුතුකමේ ජනරැල්ල නමින් මෙම විරෝධතාවය නම් කර තිබූ අතර ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන සාමාජිකයන් එක්ව සිටියා.

ඔවුන් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට පෙර විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඉන් පිටත දැනුවත් කිරීමක්ද සිදුකළ අතර පසුව ඔවුන් සටන් පාඨ කියමින් දුම්රියක නැගී පිටව ගියා.

පසුව ඔවුන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ අතර ඊට පානදුර, දකුණු කළුතර, හික්කඩුව, ගාල්ල, මාතර ආදී දුම්රිය ස්ථාන වලින් විරෝධතාකරුවන් එක්වුණා.

ඉන් අනතුරුවයි ඔවුන් තංගල්ල නගරයට පැමිණ විරෝධතාවයේ නිරත වුණේ.

විරෝධතාවය සඳහා පැමිණි පිරිස් තංගල්ල නගරයට පැමිණීමේ දී පොලිසිය අවස්ථා කිහිපයක දී බාධා එල්ල කර බවද ප්‍රාදේශීය වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා.

මේ අතර විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද තංගල්ල නගරයට පැමිණ සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required