English English සිංහල සිංහල தமிழ் தமிழ்

දීපාවලි අදයි.

Facebook
Twitter
LinkedIn

හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කරන සහ හින්දු ප‍්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලි දිනය අදයි. අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසද ඔවුන් අද දිනය සළකනවා.

අඳුර දුරලා සියලූ සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප‍්‍රාර්ථනා කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය අද සමරනු ලබනවා.

චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන්. විෂ්ණු දෙවියන්, හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරකාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

අදට යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හින්දු බැතිමතුන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා. ජාති, ආගම්, පක්ෂ , පාට භේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින්, රට ගොඩනැගීම නම් පහන් සිළුව වටා සියලූ දෙනා සාමූහිකව අත්වැල් බැඳගන්නා ලෙසයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර පක්ෂ, පාට, ආගම්, ජාති භේද පසෙකලා පොදු හැඟීමකින් කටයුතු කළ යුතු අවස්ථාවකට එළඹ ඇති බව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දීපාවලි දින උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

දීපාවලියේ සැබැ අර්ථය හදවතට ධාරණය කර ගනිමින් පොදු යහපත වෙනුවෙන් එක්ව කටයුතු කර මෙම අභියෝගාත්මක කාලය ජය ගැනීමට අදිටන් කළ යුතුව ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ද දීපාවලි දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සංහිඳියාවේ අපේක්ෂා මුල් කරගත්, වාර්ගික සංහිඳියාවත්, අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමට දීපාවලි උත්සවය ඉමහත් පිටිවහලක් බවයි විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000