/
/
title icon ඖෂධ හිඟය ගැන දෛනිකව සාකච්ඡා.
ඖෂධ හිඟය ගැන දෛනිකව සාකච්ඡා.
Editor
1 year ago
Share:
ඖෂධ හිඟය ගැන දෛනිකව සාකච්ඡා.

රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඒ අනුව ඊට අදාළ කමිටුව දිනපතා රැස්වීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ.

දිනපතා සිදුවන හමුවට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එක්වනවා.

මීට අමතරව වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු අදාළ ආයතනවල මෙන්ම රෝහල්වල පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබාගැනීමටත්, මෙහිදී තීරණය කෙරුණා.

ජීවිතාරක්ෂක ඖෂධ, අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධයන්හි ගැටළු සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග 15 ක පමණ හිඟයක් පවතින බවයි රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required