English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොයිම්බතූර් පිපිරීමේ සැකකරු ජාතික තවුහිද් ජමාද් සාමාජිකයෙකු බවට හෙළිදරව්වක්.

Facebook
Twitter
LinkedIn

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කොයිම්බතූර් හී මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමට අදාළ සිද්ධියේ සැකකරු, ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වූවෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එරට ආරක්ෂක අංශ පවසන්නේ, අදාළ පිපිරීම, ත‍්‍රස්ත ක‍්‍රියාවක්ද යන්න පිළිබඳව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණ වූ බවයි.

පසුගිය 23 වනදා ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කොයිම්බර්තූර් හී ආගමික ස්ථානයක් අසල මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ ජමීෂා මුවීන් නම් 25 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයෙක්.

එම අවස්ථාවේදී මෝටර් රථය තුළ තිබු ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබු බවද පසුව සොයා ගත්තා.

පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් හමුවි තිබූ අතර මෝටර් රථයේ තිබී පුපුරා නොගිය තවත් ගෑස් සිලින්ඩරයක්, වීදුලි කැබලි, වානේ බෝල, යකඩ ඇණ සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකිවුණා.

මෙම පිපිරීම සැකකටයුතු සිදුවීමක් බවට නිරීක්ෂණය කළ ඉන්දියාවේ තමිල්නාඩු පොලිසිය අදාළ පිපිරීම ත‍්‍රස්ත ක‍්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන ආරම්භ කළා.

එම විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවු ආකාරයේ මෙහෙයුමක් ඔහු විසින් සැලසුම් කර තිබු අතර එම ප‍්‍රහාරය කෝනිඅම්මන් කෝවිලෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබු බවයි.

ඉන් අනතුරුව කොයිම්බර්තූර් හී කොට්ට ඊශ්වරන් කෝවිල වෙත ප‍්‍රහාර එල්ල කිරීමට ඔහු සැලසුම් කර තිබු බවටයි මූලික විමර්ශනවලින් අනාවරණ වුණේ.

මීට වසර කිහිපයකට පෙර ද ඔහු පිපිරීම් ගණනාවක් සිදු කිරීමට උත්සහ කර ඇතත් සාක්ෂි අනාවරණ කර ගැනීමට නොහැකි වීමෙන් ඔහු පොලිස් භාරයට ගැනීමට නොහැකිව තිබූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාස්කු දින ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහාරාන් හෂීම් සම්බන්ධ තවුහිද් ජමාද් සංවිධානයේ තමිල්නාඩු ශාඛාව සමග ද මොහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වී තිබෙනවා.

මීට අමතරව කේරළයේ බන්ධනාගාරයක රඳවා සිටින ෂීෂී සංවිධානයට සම්බන්ධ මොහොමඞ් අසාරුඞීන් සමගද සමීප සම්බන්ධතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර සැකකරුගේ නිවසේ සිට පිරිසක් විසින් යම් පාර්සලයක් ඉවතට රැගෙන එන ආකාරය දැක්වෙන සී සී ටී වී දර්ශන පෙළක් ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ සංසරණය වනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සැකකරු සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ද ප‍්‍රශ්න කරන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000