/
/
title icon රිෂීට, ජනපති සුබ පතයි.
රිෂීට, ජනපති සුබ පතයි.
Editor
1 year ago
Share:
රිෂීට, ජනපති සුබ පතයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, බ්‍රිතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රිෂී සුනාක්ට සුබපැතුම් එක් කර තිබෙනවා.

ඔහුගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපතිවරයා යොමුකළ සුබපැතුම් පණිවුඩයේ සඳහන්.

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වූ ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක්ට නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස තුන්වන චාල්ස් රජු ඊයේ ආරාධනා කළා.

ඒ අනුව 42 හැවිරිදි ඔහු බ්‍රිතාන්‍යයේ 57 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කරන්නේ වසර 200කට පසු එරට ලාබාලතම අගමැතිවරයා ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required