English English සිංහල සිංහල தமிழ் தமிழ்

යාල වනයේ පිස්සු නැටූ 09 දෙනෙකුට ඇප – ජීප් රථ අධිකරණ භාරයේ.

Facebook
Twitter
LinkedIn

යාල වනෝද්‍යානය තුළ වන සතුන්ට හිරිහැර වන පරිදි ජීප් රථ ධාවන කළ සැකකරුවන් 09 දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ, අදාළ සැකකරුවන් 9 දෙනා සහ ජීප් රථ 7 ක් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සංවේදී පරිසර කලාපයක් සහිත යාල ජාතික වනෝද්‍යානය තුල වන සතුන්ට හිරිහැර වන ලෙස සුඛෝපභෝගී ජීප් රථ හා කැබ් රථවලින් පැමිණි මෙම පිරිස නොහික්මුණු ලෙස හැසිරී තිබුනේ පසුගිය 22 වැනි සෙනසුරාදා පස්වරුවේයි.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව අමාත්‍යාංශ ලේකම්වරිය අදාළ විමර්ශන අවසන් වනතෙක් යාල වනෝද්‍යානයේ මෙම ජීප්රථ සමඟ වනෝද්‍යානය තුළට ගිය මඟ පෙන්වන්නන් සහ නිලධාරීන් 7 දෙනෙකුගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුනා.

එසේම, මෙලෙස පැමිණි පුද්ගලයන්ට හා වාහනවලට වසර 3 ක් යනතෙක් මෙරට කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට ද පියවර ගත් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ප‍්‍රකාශ කළා.

ඒ අතරතුරයි සිද්ධියට අදාළව පුද්ගලයන් 9 දෙනෙකු සහ ඔවුන් පැමිණි මෝටර් රථ 7ක් සමඟින් වනජීවි දෙපාර්තමේන්තුවට භාර වී තිබුණේ. ඔවුන් අද රථවාහන ද සමගින් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

අදාල නඩුව කැඳවු අවස්ථාවේදී වනජීවී නිලධාරීන් සැකකරුවන් 09 දෙනාට ඇප ලබාදීමට දැඩි ලෙස විරුද්ධ වුයේ ඇප ලබාදීම හරහා ඉදිරි පරීක්ෂණවලට බාධා එල්ල විය හැකි බව පවසමින්.

තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් තරිඳු සමීර සිල්වා එහිදී විමසා සිටියේ ඇප ලබාදීමට විරුද්ධ විය හැකි කරුණු 4ට අදාලව මොවුන් සිදුකර ඇති ඇති වරද කුමක් ද යන්නයි ?

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජනක මොහොට්ටි අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මාධ්‍ය මගින් පළ වූ කරුණු සම්බන්ධයෙන් ඇප ලබා නොදී ඔවුන් සිරගත කළ නොහැකි බවයි.

පසුව සැකකරුවන් 9 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත නිදහස් කළ අතර ජීප් රථ අධිකරණ භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණේ.

වනෝද්‍යානය තුළ වාහනයෙන් බැස වරද සිදුකිරීම හා නීති විරෝධී රිය ධාවනය සඳහා චෝදනා එල්ල වුයේ තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචි මුණසිංහගේ ධනුෂ්ක ප‍්‍රසාද් හා සුරේෂ් චතුරංග යන අයටයි.

හස්මිඩීන් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස් මොහෙමඩ් සුවේර්, එස්.එච් බුද්ධික චතුරංග, අබ්දුල් රකීබ් මොහොමඩ්, පී.ජී.එස් අන්ජුල, ආර්.එම්.සම්පත්, ඞී.එම්.මයුර ලක්ෂාන් යන පුද්ගලයන් නීති විරෝධී ලෙස රිය ධාවනය කළ පුද්ගලයන් ලෙස හදුනාගෙන තිබෙනවා.

මේ අතර, පරිසර සංවිධාන නියෝජිතයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සිදු වු මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාා කිරීමට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000