English English සිංහල සිංහල தமிழ் தமிழ்

සිමෙන්ති, යකඩ, ටයිල් ආණ්ඩුවම ගෙන්වීමට සැරසේ.

Facebook
Twitter
LinkedIn

සිමෙන්ති , යකඩ, ටයිල් , සෙරමික් , ඇලූමිනියම් උපාංග වැනි අත්‍යවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ආනයනය කර බෙදා හැරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල ගණන් වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇති අතර, එම මිල ගණන් පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය යන්ත‍්‍රසූත‍්‍ර හා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා ගැනීම සඳහා ඉදිරියේදී මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ප‍්‍රකාශ කළා.

මේ අතර, කොන්ත‍්‍රාත්කරුවන් සඳහා ගෙවීමට පවතින රුපියල් බිලියන 122 ක මුදල, අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ලබාදීමට නියමිත බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සඳහන් කළේ.

ඉතිරි හිඟ මුදල් සියල්ල ලබන වසරේ මුල් කාර්තුව තුල ගෙවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මීට අමතරව, ඉදිකිරීම් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ද සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000