/
/
title icon සමාජ ආරක්ෂණ බද්දත් ඔක්තෝම්බරයේ සිටම විදුලි බිලට.
සමාජ ආරක්ෂණ බද්දත් ඔක්තෝම්බරයේ සිටම විදුලි බිලට.
Editor
1 year ago
Share:
සමාජ ආරක්ෂණ බද්දත් ඔක්තෝම්බරයේ සිටම විදුලි බිලට.

සියයට 2 යි දශම 5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මෙම මාසයේ සිටම විදුලිබිලට එක්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළා.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් සපයන විදුලිය ස`දහා ද මෙම බද්ද අය කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ඔක්තෝම්බර් මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ විදුලි බිලට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එක් කෙරෙන බව ඔහු කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු අයකිරීමේ සශෝධිත පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දැනුම් දුන්නා.

ඒ අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් දෙකක් පිලිබඳ නඩු විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි.

එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු අයකිරීමේ සශෝධිත පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් මෙම රහසිගත නිගමනය අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස්. තුරෙයිරාජා සහ අර්ජුන ඔබේසේකර යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required