English English සිංහල සිංහල தமிழ் தமிழ்

මැතිවරණ ක‍්‍රමය සංශෝධනයට ඇමති විජේදාස තේරීම් කාරක සභාවක් ඉල්ලා කථානායකට ලියයි.

Facebook
Twitter
LinkedIn

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ කතානායවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ලිපියක් යොමුකරමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ පවතින මැතිවරණ ක‍්‍රම අනුව මැතිවරණ සඳහා මහජන මුදල් විශාල ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇති බවයි. ඊට අමතරව මැතිවරණයකදී පාතාල කල්ලි , මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම කළු සල්ලිකරුවන්ගේ උපකාර ලබා ගැනීමට ඇතැම් අපේක්ෂකයින් කටයුතු කරන බව ඔහුගේ අදහසයි.

එමඟින් අව්‍යාජ පුරවැසියන්ට , දේශපාලන ක්ෂේත‍්‍රයට ඇතුළුවීමට පවතින අවස්ථා මඟහැරී ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

එබැවින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට සහ සුදුසු මැතිවරණ ක‍්‍රමයක් සොයා බලා වාර්තා කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා සිය ලිපියෙන් කතානායකවරයාට යෝජනා කර තිබෙනවා.

කාරක සභාවේ වාර්තාව පළමු රැස්වීම් දිනයේ සිට මාස 06 ක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය පිළිබඳ සුදුසු ක‍්‍රමවේදයක් ප‍්‍රමුඛ කාර්යක් ලෙස සළකා සති දෙකක කාලයක් ඇතුළත ඉදිරිපත් කිරීම යෝග්‍ය බවයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ කතානායකවරයාට දැනුම් දී ඇත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000