/
/
title icon රබර් ආනයනයට සීමා.
රබර් ආනයනයට සීමා.
Editor
1 year ago
Share:
රබර් ආනයනයට සීමා.

රබර් ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවෙන් කෙටි කාලීන හා මධ්‍ය කාලීන නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වර්ග හැර සෙසු රබර් වර්ග ආනයනය කිරීමේදී සීමා කිරීමට නිර්දේශ කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ.

අදාළ කමිටු වාර්තාව මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට භාර දෙනු ලැබුවා.

ආයෝජන මණ්ඩලය විසින් කර්මාන්තශාලා සඳහා රබර් ආනයන කිරීමට ලබාදෙන බලපත‍්‍ර හෝ අවසරයන් සතිපතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත වාර්තා කළ යුතු අතර රබර් සඳහා හොඳ මිලක් ලබාදීමට මෙම සීමා කිරීම් සිදුකර තිබෙනවා.

මීට අමතරව දෙසැම්බර් 15 වනදා අදාළ කමිටුව යළි රැස්වී මෙම නිර්දේශයන්හි ප‍්‍රගතිය සමාලෝචනය කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required