English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෙඩ වූ 4000ක් පොලීසියේ – මේ වසරේ 16000ක පුරප්පාඩු – පොලිස්පති කියයි.

Facebook
Twitter
LinkedIn

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4,000 ක් පමණ මේ වනවිටත් පොලිස් සේවයේ රාජකාරියේ නිරත වන බව පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න පවසනවා.

ඒ, මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම, එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදීයි.

එහිදී දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

මෙම රැස්වීමට එක්ව සිටි මන්ත්‍රීවරුන් කියා සිටියේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බොහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින අතර, වෛද්‍ය සහතික පෙන්වා ඔවුන් අපහසු රාජකාරිවල නොයෙදෙන බවයි.

මේ හේතුවෙන් නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටු කරන නිලධාරීන් අපහසුතාවයට පත්වන බවද ඔවුන් පෙන්වා දුන්නා.

පොලිස්පතිවරයාගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් උපදෙස් ලබාදී ඇත්තේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කර අමාත්‍යාංශයට යොමු කරන ලෙසටයි.

එසේම, මෙම වසරේදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විශ‍්‍රාම යන බවත්, එබැවින් පොලිස් නිලධාරීන් 16,000 ක පමණ පුරප්පාඩු ප‍්‍රමාණයක් මේ වසරේදී ඇතිවන බවත් මෙහිදී පොලිස්පතිවරයා පෙන්වා දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පැවසෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000