/
/
title icon මේ වසරේ රට ගිය දෙලක්ෂ 27,000 න් සියයට 65ම කාර්යාංශයේ ලියාපදිංචි වී නැහැ – ගිණුම් කාරක සභාවේදී හෙලි වේ.
මේ වසරේ රට ගිය දෙලක්ෂ 27,000 න් සියයට 65ම කාර්යාංශයේ ලියාපදිංචි වී නැහැ – ගිණුම් කාරක සභාවේදී හෙලි වේ.
Editor
1 year ago
Share:
මේ වසරේ රට ගිය දෙලක්ෂ 27,000 න් සියයට 65ම කාර්යාංශයේ ලියාපදිංචි වී නැහැ – ගිණුම් කාරක සභාවේදී හෙලි වේ.

2017 වසරේ සිට 2022 වසර දක්වා රැකියා අවස්ථා දහසය ලක්ෂයක් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ලැබී ඇතත්, එම කාල පරිච්ඡේදයේදී ගුණාත්මකභාවයකින් යුතු රැකියා සඳහා යොමු කර ඇත්තේ 37,000 ක වැනි පිරිසක් බව රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණ වුණා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කාරක සභාව රැස්වූයේ විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබඳව වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂා කිරීම සඳහායී.

ඒ සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සභාව හමුවට කැඳවා තිබුණා.

එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරීයා මේ බව සභාවට අනාවරණ කරමින් කියා සිටියේ මේ වසරේදී ශ‍්‍රමිකයින් දෙලක්ෂ 27,000 ක් රැකියා සඳහා විදේශගත වූවත්, ඉන් 65% ක්ම කාර්යාංශයේ ලියාපදිංචි වී නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required