English English සිංහල සිංහල தமிழ் தமிழ்

වීථි වෙළඳුන්ගෙන් බදු අයකිරීමේ තීන්දුව ක්‍රියාත්මක නොවන ලකුණු.

Facebook
Twitter
LinkedIn

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග ආසන්නයේ පවත්වාගෙන යන බඩ ඉරිඟු, ලොතරැයි සහ එළවළු අලෙවි කරන්නන් ගෙන් මුදල් අයකිරීමේ තීරණය ක්‍රියාවට නංවා නොමැති බව එම අධිකාරිය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ එවැනි හැකියාවක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡුාවට ලක් කෙරුණත්, එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමේදී ගැටළු රැසකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි.

ඒ හේතුවෙන් එලෙස මහාමාර්ග ආසන්නයේ වෙළඳාමේ නිරතවන පුද්ගලයින්ගෙන් යම් අය කිරීමක් සිදුකිරීමේ තීරණය මේ දක්වා කි‍්‍රයාවට නංවා නොමැති බවද එම උසස් නිලධාරීයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ඊයේ රජරට දූෂණ විරෝධී සංගමය චෝදනා කළේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග ආසන්නයේ පවත්වාගෙන යන බඩ ඉරිඟු, ලොතරැයි සහ එළවළු අලෙවි කරන්නන්ගෙන් මාර්ග සංවර්ධන අධිකාරිය බද්දක් පනවා ඇති බවටයි.

එම අලෙවිස්ථානයේ භූමි ප‍්‍රමාණය, වර්ග අඩි පහක් නම් ඒ සඳහා මාසිකව රුපියල් 2000 ක මුදලක් ලබා දිය යුතු බවත් සෑම වැඩිවන වර්ග අඩි පහකටම රුපියල් 2000 බැගින් අය කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබුණා.

මීට අමතරව, ඒ සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන් රුපියල් 10,000 ක් ද, ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 1000 ක් සහ ලිපිද්‍රව්‍ය ගාස්තු ලෙස රුපියල් 400 ක් ලබා දිය යුතු බවටත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් වෙළදුන්ට උපදෙස් දී ඇති බවටයි රජරට දූෂණ විරෝධී සංගමය පෙන්වා දුන්නේ.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙලෙස බදු අයකිරීමට දරන උත්සහය ඉතා අසාධාරණ බවයි වෙළඳුන් ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000