/
/
title icon වැඩිහිටි, වකුගඩු දීමනා ප‍්‍රතිලාභීන්ගෙන් 20%කට මාස දෙකකින් දීමනා නැහැ.
වැඩිහිටි, වකුගඩු දීමනා ප‍්‍රතිලාභීන්ගෙන් 20%කට මාස දෙකකින් දීමනා නැහැ.
Editor
1 year ago
Share:
වැඩිහිටි, වකුගඩු දීමනා ප‍්‍රතිලාභීන්ගෙන් 20%කට මාස දෙකකින් දීමනා නැහැ.

වැඩිහිටි, සියවස් සහ වකුගඩු දීමනා යන නිත්‍ය දීමනා ලබන ප‍්‍රතිලාභීන්ගෙන් බොහෝ පිරිසකට සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලට අදාළ දීමනා ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.

මෙම නිත්‍ය දීමනා ලබන සංඛ්‍යාව හාරලක්ෂ විසි දහසකට ආසන්න වන අතර, එහි වැඩි පිරිසක් වැඩිහිටියන්.

මෙම දීමනා මීට පෙර තැපැල් හෝ උප තැපැල් කාර්යාල හරහාද නිකුත් කළ අතර, පසුගිය 3 වනදා සිට සමෘද්ධි බැංකුව හරහා මෙම දීමනා ලබාදීමටයි පියවර ගනු ලැබුවේ.

අදාළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් සමෘද්ධි  සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ අධ්‍යක්ෂක සුනිල් වික‍්‍රමසිංහගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ ප‍්‍රතිලාභීන්ගෙන් සියයට විස්සත් තිහත් අතර ප‍්‍රමාණයක් සමෘද්ධි බැංකුවල ගිණුමක් විවෘත කර නොමැති බැවින්, එම පිරිසට පසුගිය මාසයට අදාළ දීමනා ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් සියයට 70 ක ප‍්‍රතිලාභීන් පිරිසකට මෙම මාසයට අදාළ නිත්‍ය දීමනා ගෙවා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ නමුත් මෙලෙස ගිණුම් විවෘත කර ඇති පිරිස් සඳහා පමණක් මුදල් ගෙවා ඇති බවට බලධාරින් සිදුකරන ප‍්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුමකලූගේ ප‍්‍රකාශ කළේ.

සමෘද්ධි බැංකු වෙත මුදල් නොලැබීම මෙම ගැටළුවට හේතුව බවද ඔහු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required