/
/
title icon පාන් ගෙඩියටත් මිල සූත‍්‍රයක්.
පාන් ගෙඩියටත් මිල සූත‍්‍රයක්.
Editor
1 year ago
Share:
පාන් ගෙඩියටත් මිල සූත‍්‍රයක්.

වෙළඳුන් හිතුමතේ මිල ඉහළ දමන පාන් සඳහා මිල සූත‍්‍රයක් සකස් කරන ලෙස කිරුම් මිණුම් පරීක්ෂකවරුන්ගේ වෘත්තිය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

තිරිඟු පිටි මිල, නිෂ්පාදන පිරිවැය සළකා එය සකස් කළ යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක දුලිත් අශෝක කියා සිටියේ.

ඊට අමතරව තවත් යෝජනා හතරක්ද රජයට ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළා.

මෙම යෝජනා සම්බන්ධයෙන් අප පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ලගෙන් විමසූ අතර, ඔහු සඳහන් කළේ මෙම යෝජනා කාලෝචිත බවත්, පාන් ආඥාපනත සහ ඊට අදාළ නීති සංශෝධනය පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ අතර යාපනය – අච්චුවේලි ප‍්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලට ගත් පාන් ගෙඩියක යකඩ ඇණ 3 ක් තිබී හමුවී තිබෙනවා.

එම පාන් ගෙඩිය නිවසට රැගෙන පැමිණි පුද්ගලයා එය දරුවන්ට ආහාරය සඳහා ලබාදීමට යාමේදි ඇණයක් පළමුව නිරීක්ෂණය කර ඇති අතර, පසුව තවත් ඇණ දෙකක් පාන් ගෙඩියේ තිබී සොයා ගැනුනා.

ඒ සම්බන්ධයෙන් පාන් ගෙඩිය මිලට ගත් පුද්ගලයා ඒ පිළිබඳව වෙළඳසැලට දැනුම්දී ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද පැමිණිලි කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required