English English සිංහල සිංහල தமிழ் தமிழ்

මොකක් ද, මේ සන්නිවේදනය කියන්නේ.

Facebook
Twitter
LinkedIn

නිශ්චිතවම සන්නිවේදනය යන්න ආරම්භ වූයේ කවදා කෙසේදැයි පැවසීම අසීරු කාර්යයකි. නමුත් සන්නිවේදනය මානවයාගේ බිහි වීමත් සමඟ සිදු වූවා යැයි කිව හැකිය. මන්ද මානවයාගේ සිතීමේ හැකියාව සිදු වන්නේ මේ සන්නිවේදනයත් සමඟය. අද වන විට සන්නිවේදනයේ විකාශය දෙස බැලූ විට එය පැහැදිලි වේ.

කෙසේ වෙතත් සන්නිවේදනය යනු ක්‍රියාවලියයි. එය ගතිකය. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය වෙනස් විය හැකිය.

සන්නිවේදනය යන්නෙහි අර්ථය වන්නේ අදහස් තොරතුරු හුවමාරු කර ගැනීමයි. එනම් පුද්ගල සිතුම් පැතුම් බෙදා හදා ගැනීමයි. සන්නිවේදනය යන ක්‍රියාවලිය සිදු වීමට තනි පුද්ගලයෙකු වුව ද ප්‍රමාණවත්ය. මන්ද තමා තුළම සිදු වන අන්තර්පුද්ගල සන්නිවේදනය ප්‍රබල සන්නිවේදන ක්‍රමවේදයක් නිසාය.

මානවයාගේ සියලු ක්‍රියා සිදු වීමට හා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයක් ලෙස මේ සන්නිවේදනය හඳුනා ගත හැකිය. තම දැනුම, අදහස් ආදිය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කිරීමට මානවයා අතීතයේ පටන් සන්නිවේදනය භාවිතා කර තිබේ. එය විශේෂ කරුණකි.

නූතන සන්නිවේදනය දියුණු වීම සදහා අතීතයේ මානවයා භාවිතා කළ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයන් ඉවහල් වන නිසාය.

සෑම අවස්ථාවකදීම සන්නිවේදන කාර්යය සදහා බලපානු ලබන්නේ පංචේන්ද්‍රියන් ය. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් තුළින් සන්නිවේදන කාර්ය සිදු වේ. කිනම් උපකරණයක් භාවිතා කළ ද මූලික හා අනිවාර්යම කරුණක් ලෙස පංචේන්ද්‍රියන් හඳුනා ගත හැකිය.

මිනිසා මෙන්ම සත්ත්වයින් ද මෙකී සන්නිවේදනයේ යෙදෙති. නමුත් එය දියුණු නැත. සත්ත්ව සන්නිවේදනය වර්ත්මනයට පමණක් සීමා වේ. මන්ද ඒ තුළ සිදු වන්නේ ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීමක් පමණක් වීමයි. නමුත් මිනිසා තුළ සිදුවන සන්නිවේදන ක්‍රියාවලිය ඉතාමත් දියුණු මට්ටමක ඇත. එය දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්ධනය වනු දැක ගත හැකිය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000