English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහ කන්නයට රැගෙන ආ යූරියා නැවෙන් ගොඩබෑම ඇරඹේ.

Facebook
Twitter
LinkedIn

මහ කන්නය සඳහා මෙරටට ආනයනය කළ මෙට්‍රික් ටොන් 13,000 ක පළමු යූරියා තොගය ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කෙරුණා.

ඊයේ අදාළ නෞකාව කොළඹ වරායට සේන්දු වූ අතර, දෙවන තොගය වන යූරියා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් ලබන මස අවසන් සතිය තුළ මෙරටට ලැබීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 105 ක ණය මුදලක් ලබාදුන් අතර, ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සඳහාද ඔවුන් මැදිහත් වුණා.

මෙලෙස ආනයනය කළ යූරියා මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගාවන් සඳහා යොදාගැනීමට නියමිත අතර, ගොවීන්ට බෙදාහැරීම් අද සිට ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

පළමු යූරියා තොගය ගොඩබෑමේ කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක්වූ අතර, පොහොර මිටියක කිලෝග‍්‍රෑම් 50 ක පොහොර අඩංගුදැයි නිවැරදිව තහවුරු කරගැනීම ද අමාත්‍යවරයා එහිදී සිදුකළා.

කෙසේ වෙතත් මහ කන්නය සඳහා අවශ්‍ය මූලික පොහොර මෙතෙක් නොලැබීම හේතුවෙන් වගා කටයුතු ආරම්භ කිරීම දැනටමත් ප‍්‍රමාදවී ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000