/
/
title icon තිරිඟු පිටි කිලෝව 250 ට බසී.
තිරිඟු පිටි කිලෝව 250 ට බසී.
Editor
1 year ago
Share:
තිරිඟු පිටි කිලෝව 250 ට බසී.

පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 250 දක්වා අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු සමඟ පැවති සාකච්ඡාවකදී විවෘත ගිණුම් හරහා මාස දෙකක කාලයක් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර හිමිවූ බවයි.

ඒ අනුව මෙම මිල ඉදිරියට නොවෙනස්ව පවතිනු ඇති බව ඔහු සඳහන් කළා.

මේ අතර වෙළඳ, වාණිජ හා ආරක්ෂක සුරක්ෂිතතා අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බවද එම අමාත්‍යංශය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required