English English සිංහල සිංහල தமிழ் தமிழ்

කමල් හසන්ගෙන් ප‍්‍රියමාලි ගත් රත‍්‍රං ගැන තොරතුරු රැසක්.

Facebook
Twitter
LinkedIn

 

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි, කමල් හසන් යන පුද්ගලයාගෙන් ලබාගත් රුපියල් කෝටියක් පමණ වටිනා රත‍්‍රං විකිණීමට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කසුන් පෙරේරා නමැති සැකකරු ඊයේ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම අදාළ රත‍්‍රං තොගය මිලට ගත් බව කියන ජා ඇල ප‍්‍රදේශයේ පදිංචි ස්වර්ණාභරණ අලෙවිසැළක හිමිකරුවෙකු ද දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

ඔහු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කර තිබෙනවා.

එමෙන්ම, ඔහු මිලට ගත් බව කියන රත‍්‍රං කිලෝ 40 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයට ගෙන ඇති අතර රත‍්‍රං විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 30 ක මුදල්ද අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තුන්වන සැකකරු තිකෝ කන්ස්ට‍්‍රක්ශන් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔහු, තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාරගේ නිවසෙන් සොයාගත් රන් ආලේප කළ යකඩ කැබලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ.

තමන් තිකෝ සේවකයෙකු පමණක් බව සැකකරු සඳහන් කර ඇති අතර, ඊයේ ඔහු යළි ප‍්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ පෞද්ගලික ගිණුමක් හරහා තිලිණි ප්‍රියමාලි අවස්ථා 10 කට වැඩි ප‍්‍රමාණයක් ගණුදෙනු කර ඇති බවයි. මිලියන 20, 30 එලෙස තැන්පත් කර ඇති බව රහස් පොලීසිය අද අධිකරණය හමුවේ කියා සිටියා.

ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ඍජුවම පි‍්‍රයමාලිගේ ගණුදෙනුවලට සම්බන්ධ වූ අයෙක්. රත‍්‍රං විකිණීම සඳහා ප්‍රියමාලි සමඟ එක්ව ඔහු ඍජුවම මැදිහත් වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු විදේශගතව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000