English English සිංහල සිංහල தமிழ் தமிழ்

දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය ශ‍්‍රී ලාංකිකයා මහනුවර පදිංචි ශිෂ්‍යයෙක් – මියගිය ගණනත් 151 ක් දක්වා ඉහළට.

Facebook
Twitter
LinkedIn

 

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදුවූ අනතුරෙන් මියගිය ශ‍්‍රී ලාංකිකයා එරට අධ්‍යාපනය සඳහා ගිය මහනුවර ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ශිෂ්‍යයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඥාතීන් විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරෙන බවයි විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 23,000 ක් පමණ දකුණු කොරියාවේ රැඳී සිටිනවා.

එම පිරිස අතරින් කිසිවෙකුට හෝ තවදුරටත් මෙම අනතුරින් හානියක් සිදුව ඇත්දැයි සමීපව සොයා බලමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා.

එමෙන්ම මෙම අනතුරින් මියගිය ගණනද මේ වනවිට 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූවන් සංඛ්‍යාව ද 82 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම මියගිය හා තුවාල ලැබූවන්ගෙන් බහුතරය තරුණ තරුණියන් බවද වාර්තාවනවා.

ඒ අතර ඉරාන, නෝර්වේ, චීන සහ උස්බෙකිස්තාන ජාතිකයන්ද සිටින බව සඳහන්.

දකුණු කොරියාව තුළ මෙවැනි ඛේදවාචකයක් වාර්තාවන්නේ 2014 වසරට පසුවයි. එම වසරේදී මගී යාත‍්‍රාවක් පෙරළීමෙන් උසස් අධ්‍යාපනය ලබන සිසුන් 304 දෙනෙකු මියගොස් තිබුණා.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, ඔහු තීරණය කර ඇත්තේ එළඹෙන නොවැම්බර් පස්වනදා දක්වා එරටට ජාතික ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කිරීමටයි.

එමෙන්ම අනතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා විශේෂ කණ්ඩායමක්ද පත්කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

සිදුවූ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය නායකයින් රැසක් සිය කණගාටුව පළ කර ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000