/
/
title icon බංග්ලාදේශයට පන්දු වාර විස්ස ලෝක කුසලානයේ ජයක්.
බංග්ලාදේශයට පන්දු වාර විස්ස ලෝක කුසලානයේ ජයක්.
Editor
1 year ago
Share:
බංග්ලාදේශයට පන්දු වාර විස්ස ලෝක කුසලානයේ ජයක්.

 

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු තුනකින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

බ්‍රිස්බේන් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ හතක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 ක්.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ අටක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණයි.

ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේදී තරගය ජයග‍්‍රහණය කිරීමට ලකුණු හතරක් අවශ්‍යව තිබූ අතර, එම පන්දුවෙන් කඩුල්ලක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර, අනතුරුව කණ්ඩායම් දෙකම ක‍්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියා.

කෙසේ වෙතත් එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් යළිත් කණ්ඩායම් දෙකම පිටියට පිවිසි අතර, එහිදී අවසන් පන්දුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 3 ක් ලබාගත යුතුව තිබුණා.

කෙසේ වෙතත් එය සපුරා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවූයේ නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required