/
/
title icon යල කන්නයට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000 ක ආධාරයක්.
යල කන්නයට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000 ක ආධාරයක්.
Editor
1 year ago
Share:
යල කන්නයට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000 ක ආධාරයක්.

 

වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000 ක් ආධාර වශයෙන් ලබන යල කන්නයට ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් යූ.එස්. ඒඩ් එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමත්‍යාංශය පවසනවා.

මෙවර මහ කන්නයේදී මූලික පොහොර හෙවත් ත‍්‍රිත්ව සුපිරි පොහොර ලබාදීම සඳහා මුදල් ප‍්‍රතිපාදන සොයාගැනීමේදී ගැටළුවකට මුහුණපෑමට සිදුවූ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ත‍්‍රිත්ව සුපිරි පොහොර නිපදවනු ලබන යුක්රේනය සහ රුසියාව පවතින යුදමය තත්වය හේතුවෙන් අපනයනයන් අත්හිටුවා තිබෙනවා.

කෙසේ වුවත් මීළඟ යළ කන්නයේදි එම පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම පිළිබඳ පැවති ප‍්‍රගති සමලෝචන රැස්වීමකට එක්වෙමින් ප‍්‍රකාශ කර තිබුණේ.

මේ අතර තෙත් කලාපයේ ගොවීන් සඳහා පළමු අදියර යටතේ යූරියා කිලෝ හතක් පමණ ලබාදීම ප‍්‍රමාණවත් නොවන බව රුහුණු රට ගොවි සංවිධාන එකමුතුව ප‍්‍රකාශ කළා.

අක්කරයක් සඳහා යූරියා කිලෝ 28 ක් ලබාදෙන බවට රජය ප‍්‍රකාශ කර තිබුණත් එය අවස්ථා කිහිපයකදී ගොවීන්ට ලබාදීමට තීන්දු කිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පොහොර ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මොණරාගලදී ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉදිරි මාසයේදී තවත් පොහොර නැව් 3 ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මේ අතර මෙම පැළ තවාන්කරුවන් පවසන්නේ රටේ පවතින වත්මන් තත්වය හමුවේ තවදුරටත් සිය ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යාමේ දැඩි අර්බුදයකට තමන් ලක්ව සිටින බවයි.

පොලිතින් මිල ඉහළ යාම, පැළ රෝපණයට යොදාගන්නා පස් සහ වැලිවල මිල ඉහළ යාම, බීජ හිඟය, පොහොර මිල ඉහළ යාම මෙන්ම තවාන් දැමීම සඳහා යොදාගන්නා පෝච්චි මිල ගණන් ඉහළ යාම ඒ අතර වන බවයි.

එමෙන්ම ආර්ථික අපහසුතා පවතින පසුබිමක විසිතුරු පැළ හා මල් පැළ ඉල්ලූම සීග‍්‍රයෙන් පහළ වැටී ඇති බවද පැළ තාවන්කරුවන් ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required