/
/
title icon තිහගොඩ සිද්ධියේ ළමයින් පළාගොස් ඇත්තේ රියදුරු බලපත් නොමැතිවීම නිසා බව හෙළිවේ.
තිහගොඩ සිද්ධියේ ළමයින් පළාගොස් ඇත්තේ රියදුරු බලපත් නොමැතිවීම නිසා බව හෙළිවේ.
Editor
1 year ago
Share:
තිහගොඩ සිද්ධියේ ළමයින් පළාගොස් ඇත්තේ රියදුරු බලපත් නොමැතිවීම නිසා බව හෙළිවේ.

 

මාතර – තිහගොඩදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ අදාළ සිසුන් ගමන් ගත් ත්‍රීරෝද රථය පොලීසිය මග හැර පලායාමට උත්සාහ දරා ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් 6 දෙනා අවුරුදු 14 ත් 15 ත් අතර වයස්වල පසුවන ළමයින් වන අතර, ත්‍රීරෝද රථය පදවා ඇති බාල වයස්කරුට රියදුරු බලපත‍්‍ර නොතිබීම හේතුවෙන් මෙලෙස පලායන්නට ඇති බවයි.

පෙරේදා මාතර – තිහගොඩ – නායිම්බල ප‍්‍රදේශයේදී ළමයින් 6 දෙනෙකු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊට පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයක සිටි සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු එය නතර කරන ලෙසට දැනුම්දී තිබුණා.

එහෙත් ඔවුන් නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී තිබුණා.

සිසුවාට වෙඩි වැදීමේ සිද්ධියට අදාලව තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඔහුට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ අනුව විනය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ.

මේ අතර, මෙම සිදුවීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ දිනයේදී ත්‍රීරෝද රථයේ ගමන් කළ දරුවන් හමුවී ප‍්‍රකාශ සටහන් කරගත් බවයි එම කොමිසම සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required