/
/
title icon පාන් මිල පහත හෙලීම ගැන තීරණය හෙට.
පාන් මිල පහත හෙලීම ගැන තීරණය හෙට.
Editor
1 year ago
Share:
පාන් මිල පහත හෙලීම ගැන තීරණය හෙට.

 

පාන් ගෙඩියක මිල හෙට දිනයේදී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ ආනයනික තිරිඟු පිටි ප‍්‍රමාණවත් පරිදි වෙළඳපොලේපැවතීම හේතුවෙන් විධායක සභාව රැස්වීමේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

පසුගිය බදාදා වෙළඳඅමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී බේකරි හිමියන් ප‍්‍රකාශ කළේ ප‍්‍රමාණවත් පරිදි ආනයනික තිරිඟු පිටි වෙළදපොලේ පවතින්නේ නම් පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකියාවක් පවතින බවයි.

ඒ අනුව හෙට සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 ත් 20 ත් අතර මිලකින් අඩුවනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required