/
/
title icon සැප ජීප් රියක් ගැන හිටපු ඇමති මුතුහෙට්ටිගමගෙන් ප්‍රකාශ ගැනීමට සැරසේ.
සැප ජීප් රියක් ගැන හිටපු ඇමති මුතුහෙට්ටිගමගෙන් ප්‍රකාශ ගැනීමට සැරසේ.
Editor
1 year ago
Share:
සැප ජීප් රියක් ගැන හිටපු ඇමති මුතුහෙට්ටිගමගෙන් ප්‍රකාශ ගැනීමට සැරසේ.

තීරු බදු රහිතව ආනයනය කළ බවට පොලිස් භාරයට ගැනුණු සුඛෝපබෝගී ජීප් රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයට අදාළව හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ඊයේ ගාල්ල – කරාපිටිය ප‍්‍රදේශයේ දී පානදුර – වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය විසින් සුඛොපබෝගී ජිප් රථයක් පරික්ෂාවට ලක් කර තිබුණා.

එහි දී අදාළ ජීප් රථය තුළ තිබි කිසිදු මත්ද්‍රව්‍යක් හමුවී නොමැති අතර එහි අංක තහඩුව ව්‍යාජ එකක් බවටයි හඳුනා ගැණුනේ.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජිප් රථය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද එකක් බවටයි.

එහි චැසි අංකය වෙනත් වාහනයක අංකයක් බවටද නිරීක්ෂණය කර තිබෙනවා.

නිශාන්ත මුතුහෙට්ටිගම වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මෙම ජිප් රථය තීරු බදු රහිතව මෙරටට ගෙන්වා ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 36 හැවිරිදි ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි ගාල්ල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required