/
/
title icon සුපිරි ජාත්‍යන්තර පාසල් සමූහයකින් අලුත් වෛද්‍ය පීඨයක් ?
සුපිරි ජාත්‍යන්තර පාසල් සමූහයකින් අලුත් වෛද්‍ය පීඨයක් ?
Editor
1 year ago
Share:
සුපිරි ජාත්‍යන්තර පාසල් සමූහයකින් අලුත් වෛද්‍ය පීඨයක් ?

 

මෙරට සුප‍්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල් සමූහයකට හිමිකම් කියන පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් මගින් වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමේ නව සූදානමක් පවතින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා.

රටේ ජනගහනයට සාපේක්ෂව මෙරට වෛද්‍යවරුන් ප‍්‍රමාණවත්ව සිටියදී අදාළ පෞද්ගලික ආයතනය මෙවැනි උත්සාහයක නිරත වන්නේ තම පෞද්ගලික ලාභය උදෙසා බවටයි එම සංගමය චෝදනා කරන්නේ.

ඊට අදාළ ඉල්ලීමක් එම පෞද්ගලික අධ්‍යාපන ආයතනය විසින් පසුගිය සැප්තැම්බර් 13වනදා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙත ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මේ අතර යෝජිත ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට දේශපාලන අධිකාරිය විසින් නිශ්චිත අනුමැතියක් ලබා නොදීම නිසා ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම හා නියාමනය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

විද්වත් මණ්ඩලයක් මගින් සකස් කරන ලද 2020 – 2025 ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය මේ දක්වා කි‍්‍රයාත්මක කිරීමට දේශපාලන අධිකාරිය විසින් අනුමැතිය ලබානොදීම නිසා රෝගීන්ගේ ජීවිත අනතුරුට ලක්ව ඇති බවයි එහි සභාපති වෛද්‍ය චමල් සංජීව ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required