/
/
title icon ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය ගැන කැබිනට් තීරණය අපේක්ෂාවෙන්
ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය ගැන කැබිනට් තීරණය අපේක්ෂාවෙන්
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය ගැන කැබිනට් තීරණය අපේක්ෂාවෙන්

 

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම පිළිබඳ අවසන් අමාත්‍ය මණ්ඩල තීරණය අපේක්ෂාවෙන් පසුවන බව එහි ප‍්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටල් ප‍්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගල්ෆ් ටයිම්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

කොරෝනා සමයේ ලොව සෙසු ගුවන් සමාගම් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයද පාඩු ලැබුවද ගතවූ මාස 12ක කාලය තුළ සමාගම මෙහෙයුම් ලාභයක් උපයා ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මුළුමනින්ම ලාභ ලැබීම තවමත් සිදු නොවන අතර ඊට රට තුළ පවත්නා ඉහළ පොලී අනුපාතය සහ පසුගිය කාලයේ සිදුවූ අලාභ වෙනුවෙන් ගෙවීමට ඇති පොලිය ඇතුළු කරුණු හේතු වී ඇති බවයි, රිචඩ් නටල් ගල්ෆ් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.

පෞද්ගලීකරණයට අදාළව විවිධ සාකච්ඡා පැවතිය ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව පැහැදිලි ශක්තිමත් අනාගතයක් ඇති අතර මෙරට ආර්ථික වර්ධනයත්, විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් මත ජාතික ගුවන් සේවයේ අනාගතය ද සුබදායි බව ඔහු පෙන්වා දෙනවා.

අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කළ යුතු බවට ප‍්‍රකාශ වී ඇති අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහද වත්මන් ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ දී සඳහන් කළේ, එය පෞද්ගලීකරණය කළ යුතු බවටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required