/
/
title icon ඖෂධ හිඟය බාහිර රෝගී අංශයටත්.
ඖෂධ හිඟය බාහිර රෝගී අංශයටත්.
Editor
1 year ago
Share:
ඖෂධ හිඟය බාහිර රෝගී අංශයටත්.

 

මෙතෙක් රජයේ රෝහල් වල සායන වලට පමණක් සීමා වී තිබූ ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශය දක්වා ව්‍යාප්ත වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

බාහිර රෝගී අංශ වල මූලික ප‍්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ පවා ඇතැම් රෝහල් වල නොමැති තත්ත්වයක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ අදහස් පළ කළා.

මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික ඔසුසැල්තුළින් ඖෂධ මිලදී ගැනීමට යාමේදී ඒවායේ මිල ගණන් ඉහළ යාම නිසා රෝගීන්ට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමට රජය වහා මැදිහත් විය යුතු බවයි ඔහු කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required