/
/
title icon කැබිතිගොල්ලෑවේ පොලිස් නිලධාරියා ඝාතනයට හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට.
කැබිතිගොල්ලෑවේ පොලිස් නිලධාරියා ඝාතනයට හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කැබිතිගොල්ලෑවේ පොලිස් නිලධාරියා ඝාතනයට හිමිනමක් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට.

 

අනුරාධපුර – කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප‍්‍රදේශයේ දී විරෝධතාවය අතරතුර ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මේ වන විට හිමිනමක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධියට අදාළව ප‍්‍රදේශවාසීන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර ඇති බවයි.

වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින් රඹකැපූවැව ප‍්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වූ අතර පසුව එම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ ප‍්‍රදේශවාසීන්ට ඉවත්ව යන ලෙස පොලිසිය කළ දැනුම්දීමත් සමඟයි.

කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනෙකු එම ස්ථානයට යන අවස්ථාවේ දී ප‍්‍රදේශවාසීන් 150කට අධික පිරිසක් රැදී සිට තිබෙනවා.

එම අවස්ථාවේ දි ප‍්‍රදේශවාසීන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී රාජකාරී ගිනි අවිය පැහැරගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පොලිසිය අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේදී ප‍්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන්ට පහරදුන් බවයි.

එහිදී පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් පොලිස් සැරයන් ඒ.පී. සුනිල් බරපතල තුවාල ලැබූ අතර, ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මැදිවච්චිය රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේ වෙතත් ප‍්‍රදේශවාසීන් චෝදනා කළේ වන අලි ගැටලූව සම්බන්ධයෙන් දිගින් දිගටම වනජීවී නිලධාරීන් සහ පොලිසිය දැනුවත් කළ ද ඒ සඳහා කිසිදු විසඳුමක් ලබා නොදුන් බවයි.

මියගිය 54 හැවිරිදි පොලිස් සැරයන්වරයා වාරියපොල ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required