/
/
title icon ගාල්ලේ පවුල් 24,000 ක් ආහාර අර්බුදයක.
ගාල්ලේ පවුල් 24,000 ක් ආහාර අර්බුදයක.
Editor
1 year ago
Share:
ගාල්ලේ පවුල් 24,000 ක් ආහාර අර්බුදයක.

ගාල්ල දිස්ත්‍රික්කය තුල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි අවධානම් සහිත පවුල් 24,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බව දිස්තික් ලේකම් ශාන්ත වීරසිංහ පවසනවා.

එම පවුල් අතර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 800 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

මාදම්පාගම, හික්කඩුව ඇතුළු තවත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් මෙලෙස ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලූවලට මුහුණදී සිටිනවා.

දරුවන්ට අමතරව එම අවධානම් සහිත පවුල් වල ගැබිණි මව්වරුන්ද සිටින බවට අනාවරණ වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ.

කෙසේ වෙතත් අදාළ අවදානම් සහිත පවුල් සඳහා රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය ආයතන වල මැදිහත් වීමෙන් වියලි ආහාර ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මේ අතර, මෙවර මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 50,000 ක් අවශ්‍ය වන නමුත්, සමාගම් මෙතෙක් නිෂ්පාදනය කර ඇත්තේ පොහොර මෙට්‍රික් ටොන් 80,000 ක් බවට හෙළි වී තිබෙනවා.

ඒ කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මහකන්නයේදී ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම, ප‍්‍රමිතියෙන් තොර පොහොර සපයන සමාගම් වෙත කිසිදු ගෙවීමක් ද සිදුනොකරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.

මෙවර මහකන්නයේ වී වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සියයට 30 ක් කාබනික පොහොර සහ සියයට 70ක් රසායනික පොහොර යෙදිය යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required