English English සිංහල සිංහල தமிழ் தமிழ்

ප්‍රියමාලිගේ රන් ගැන සහතික දුන් බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට.

Facebook
Twitter
LinkedIn

 

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප‍්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව කඩවත – සිරි අරත්තක සමාධි අරණ විහාරස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ මෙලෙස උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

තිළිණි ප‍්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීමට වෙනත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට මෙම හිමිනම හවුල්වී ඇති බව වාර්තාවනවා.

එම ව්‍යාපාරිකයන් ලබාදෙන මුදල්වලට ඇපයක් ලෙස රන් ආලේපිත පිත්තල පොලූ ආරක්ෂාව සඳහා තැන්පත් කර ඇත්තේ පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් ළඟ බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීද අනාවරණ කළා.

මේ අතර තිළිණි ප‍්‍රියමාලි සමඟ ගනුදෙනු කළ කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ තවත් නිළියන් දෙදෙනෙකුට යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දි තිබෙනවා.

ඒ, සිදුකර තිබු දැනුම්දීමට අනුව දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් පෙනී නොසිටීම හේතුවෙන්.

මීට පෙර සේමිණි ඉද්දමල්ගොඩ ඇතුළ නළු නිලියන්, නිවේදක නිවේදිකාවන් ඇතුළු 4 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඔවුන්ගෙන් මේ වනවිට ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර අද (02) දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

මේ අතර සිය ගණුදෙනුකරුවන් වංචාවට හසු කළේ යැයි කියන තිළිණි ප්‍රියමාලි සිදුවීම පාදක කරගනිමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි වෙනත් පෞද්ගලික සමාගමකට අපහාසයක් සහ අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේශ සහගත කරුණු ප‍්‍රචාරණය කිරීම වළක්වමින් යූ ටියුබ් නාලිකාවකට සහ ෆේස් බුක් පිටුවකට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 19 වන මහලේ පිහිටි පෞද්ගලික සමාගමක් පැවරූ නඩුවක් සළකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන් ලබන 14 වන දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට අදාළ අතුරු තහනම් නියෝගය සහ නොතීසි නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000