English English සිංහල සිංහල தமிழ் தமிழ்

කැබිතිගොල්ලෑවේ සිද්ධියට 15 ක් අල්ලයි – හිමිනම ඇතුළු හතරක් රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ.

Facebook
Twitter
LinkedIn

 

අනුරාධපුර – කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප‍්‍රදේශයේ දී විරෝධතාවය අතරතුර ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ඊයේ  අලූයම සිද්ධියට සම්බන්ධ පස්දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි. ඊට හිමිනමක්ද ඇතුළත් බව ඔහු සඳහන් කළා.

එමෙන්ම ඔවුන්ගෙන් හිමිනම ඇතුළු හතරදෙනෙකු ඊයේ කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් 10 දෙනෙකු ඊයේ දහවල් කාලයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, 50 හැවිරිදි කාන්තාවක්ද ඊට ඇතුළත්.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 19 ත් 56 ත් අතර පසුවන්නන් බව සඳහන්.

ඊට පොලිස් නිලධාරියාට මුගුරකින් පහරදුන් පුද්ගලයාද ඇතුළත්.

මේ අතර සිද්ධියට අදාළව ප‍්‍රදේශවාසීන්ගෙන් ප‍්‍රකාශ ද මේ වනවිට සටහන් කරගෙන තිබෙනවා.

වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින් රඹකැපූවැව ප‍්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වූ අතර පසුව එම ස්ථානයට පොලිසිය පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ ප්‍රදේශවාසීන්ට ඉවත්ව යන ලෙස පොලිසිය කළ දැනුම්දීමත් සමඟයි.

කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනෙකු එම ස්ථානයට යන අවස්ථාවේ දී ප‍්‍රදේශවාසීන් 150කට අධික පිරිසක් රැදී සිට තිබෙනවා.

එම අවස්ථාවේ දි ප‍්‍රදේශවාසීන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී රාජකාරී ගිනි අවිය පැහැරගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පොලිසිය අහසට වෙඩි තැබීමක් ද සිදු කර අතර එම අවස්ථාවේදී උණුසුම් තත්වයක්ද ඇතිවුණා.

පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේදී ප‍්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන්ට පහරදුන් බවයි.

එහිදී පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් පොලිස් සැරයන් ඒ.පී. සුනිල් බරපතල තුවාල ලැබූ අතර, ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මැදිවච්චිය රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

මියගිය 54 හැවිරිදි පොලිස් සැරයන්වරයා වාරියපොල ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වනවා.

මේ අතර තඹුත්තේගම ප‍්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පහරදීම පෙරේදා සිදුව ඇති අතර, එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි තඹුත්තේගම ප‍්‍රාදේශීය ලේකම්වරයාට සහ වනජීවී නිලධාරීන්ට ප‍්‍රදේශවාසීන් විරෝධය පළ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000