English English සිංහල සිංහල தமிழ் தமிழ்

පහළ වායුගෝලයේ කැළඹිල්ල වර්ධනය වෙයි – ඉදිරි සතියේත් වැසි.

Facebook
Twitter
LinkedIn

 

ශ‍්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධන වීම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ , ඌව සහ උතුර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලට මිලිමීටර 50 ට තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ඊයේ පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 200 යි දශම 6 ක් ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ වේවැල්තලාව ප‍්‍රදේශයටයි.

අච්චුවේලි ප‍්‍රදේශයට මිලිමීටර් 105 යි දශම 1 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පෙරේදා රාත‍්‍රියේ සිට ඇදහැලෙනතද වැසි හේතුවෙන් ප‍්‍රධාන මාර්ගවල ඝන මීදුම් තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්.

එබැවින් රථ වාහන ගමනාගමනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත‍්‍රික්ක 08 කට බලපැවැත්වෙන පරිදි නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, මහනුවර , කෑගල්ල , මාතර , මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක සඳහා එම අවදානම් නිවේදනය නිකුත් කෙරුණා.

මේ අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කුකුලේ ග`ග ජලාශයේ වාන්දොරටු 2 ක් අද පෙරවරුවේ ස්වයංක‍්‍රීයව විවෘත වී තිබුණා.

පසුව එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබූ නමුත්, ජලාශය පහළ කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000